Header

Sri Lanka Army

Defender of the Nation

29th March 2023 18:50:20 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 33 වන රෙජිමේන්තු දිනයට සමගාමීව දිවංගත රණවිරුවන් සැමරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 33 වන රෙජිමේන්තු දිනයට සමගාමීව ගිරිතලේ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසල වෙතින් පසුගිය සිකුරාදා (24) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේ ඇති රණවිරු ස්මාරකය අභියසදී රණවිරු සැමරුම් උත්සවයක් පවත්වනු ලැබීය.

මෙම සැමරුම් උත්සවය අතරතුර, එම පුහුණු පාසලේ සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු දිවංගත වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළහ.