01st April 2023 18:55:44 Hours
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 30) දින පාලන පරීක්‍ෂාවක් සඳහා පොල්හේන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් ප්‍රමුඛ මාණ්ඩලික නිලධාරින් විසින් එම රෙජිමේන්තුවේ පාලන හා භඨකාර්ය සම්පාදන කටයුතු පිළිබඳ මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් දැනුවත් කළහ. එහිදී, තවදුරටත් සිදුකළයුතු වෙනස්කම් සහ රෙජිමේන්තුවේ වත්මන් පාලන හා භඨකාර්ය සම්පාදන කටයුතු සුමටව පවත්වාගෙන යාම වෙනුවෙන් සිය ප්‍රශංසාවන් ද මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ලබාදුන්නේය.
සැසිවාරය අවසානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් රවීන්ද්‍ර අබේසිංහ විසින් ස්තුති කථාව පවත්වන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රථම නිළ සංචාරය සනිටුහන් කරමින් එම බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් විසින් යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.