Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2023 18:59:04 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති කඳවුරු සංචාරයක

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන පසුගිය දා මහනුවර ප්‍රදේශයේ ස්ථාපිත 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත 3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූයේය.

2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.

අනතුරුව, නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත 3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයෙහි සංචාරය කළ මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන වෙත එම ඒකකයේ භටපිරිස් විසින් ද හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

එම කඳවුරු භූමිය තුළ ක්‍රියාත්මක වන ඉදිකිරීම් ව්‍යාපෘති නිරීක්‍ෂණය කළ අතර අභිනවයෙන් ඉදිකරනු ලැබූ ‘ටොපෑස්’ (Topas) ගොවිපළ ද විවෘත කිරීමෙන් අනතුරුව ඉදිකිරීමට යෝජිත නව සුබසාධන පහසුකම් සංකීර්ණය සඳහා මුල්ගල තැබීම ද රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සුරතින් සිදුකෙරිණි.

2 වන සහ 3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයන්හි දී නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කළ මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ඔවුන්ගේ අභිවෘද්ධිය උදෙසා තමන්ගේ දැක්ම පිළිබඳ පැහැදිළි කළේය.

මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඔමිලා ජයවර්ධන මහත්මිය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් චමින්ද තිබ්බොටුගේ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.