06th April 2023 09:15:25 Hours
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ ඒකක සංචාරයේ සිව්වන අදියර වශයෙන් භටපිරිස්හි සුවදුක් විමසීමේ අරමුණින් පනාගොඩ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානය, දෙල්ගොඩ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානය සහ කැලණිමුල්ලේ ස්ථාපිත 2 වන (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයන් වෙත මාර්තු මස 28 වන දින සංචාරයන් සිදුකරන ලදී.
ඒකක පරිශ්‍රයන් වෙත සපැමිණි මේජර් ජෙනරල් චන්න වීරසූරිය වෙත එම ඒකකයන්හි භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනුමනු ලැබූහ. අනතුරුව ඒකක අණදෙන නිලධාරීන් විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. සෑම කඳවුරු පරිශ්‍රයක් තුළදීම මේජර් ජෙනරල් චන්න වීරසූරිය භටපිරිස් අමතමින් යුද්ධ හමුදාවේ විනය මනා ලෙස පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව අවශ්‍ය උපදෙස් සහ මාර්ගෝපදේශ ලබාදුන්නේය.
මෙම ඒකක සංචාරය අනතුරදී කඳවුරු පරිශ්‍රයන්හි නීරීක්‍ෂණ කටයුතු සිදුකල මේජර් ජෙනරල් චන්න වීරසූරිය භටපිරිස් සමඟින්ද සුහද අදහස් හුවමාරුවක ද නිරත විය. අනතුරුව එතුමන් 8 වන ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරේ නවතමයෙන් ඉදිකරන ලද සෙසුනිල භඨ නිවාසයද විවෘත කරන ලදී. මේජර් ජෙනරල් චන්න වීරසූරිය කඳවුරු පරිශ්‍රයන් වෙතින් පිටත්ව යාමට ප්‍රථම එම අවස්ථාවන් සනිටුහන් කරමින් අමුත්තන් සඳහා වූ පොත්හි සමරු සටහන් ද තැබුවේය.