07th April 2023 21:10:48 Hours
68 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි මාර්තු මස 20 දින සහ අප්‍රේල් මස 02 යන දිනයන්හිදී 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සහ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සංචාරක නිරත වෙමින් එම භටපිරිස්හි සුවදුක් විමසන ලදී.
කඳවුරු පරිශ්‍රයන් වෙත සපැමිණි මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි වෙත එම ඒකකයන්හි භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූ කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලද අතර, අනතුරුව එම ඒකක වල අණදෙන නිලධාරීන් විසින් එතුමන් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. පසුව, එම සංචාරයන් සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයන්හි පැළ රෝපණය කිරීමට සහ සමූහ ඡායාරූප සඳහා පෙනී සිටීමට එක් වූහ. සංචාරය අතරතුර අණදෙන නිළධාරීන් බලප්‍රදේශයේ තම ඒකකයන්හි කාර්යභාරය සහ වගකීම් පිළිබඳව මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි දැනුවත් කරන ලදී.
කඳවුරු පරිශ්‍රයන් වෙතින් පිටත්ව යාමට ප්‍රථම එතුමන් අමුත්තන් සඳහා වූ පොත්හි සමරු සටහන් ද තැබුවේය. මෙම අවස්ථාවන් සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.