10th June 2023 17:58:33 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 16 වන කර්නල් සේනාවිධායක ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2023 ජුනි මස 08 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි කටයුතු භාරගත්තේය.
රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්.කේ.එස්.එස්. ද සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව එතුමන් රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී දිවංගත වීරෝදාර රණවිරුවන් වෙත සිය පුෂ්පෝපහාරයන් පුදකළේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් විසින් පිරිනමනු ලබන හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිළිගැනීම සඳහා නව රෙජිමේන්තු අධිපතිතුමන්ට සරඹ භූමිය වෙත ආරාධනා කරනු ලැබීය.
ආගමික වතාවත් මධ්‍යයේ මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබූ අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව රෙජිමේන්තු අධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
රෙජිමේන්තුවේ ප්‍රවර්ධනය වෙනුවෙන් නව රෙජිමේන්තු අධිපතිතුමන්ගේ කැපවීම සහ එතුමන්ගේ වගකීම් සබැඳිව පිළිබිඹු කරමින් මේජර් ජෙනරාල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සිය රාජකාරි ස්වභාවය පිළිබඳ විස්තර කළ අතර රෙජිමේන්තුවේ ප්‍රතිරූපය ආරක්‍ෂා කිරීම උදෙසා කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළේය.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින්, නව කර්නල් සේනාවිධායකතුමන් සියලු නිලයන් සමඟ දිවා භෝජන සංග්‍රහයට සහභාගී වූ අතර, එම අවස්ථාවට සහභාගී වූවන් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත්තේය.