10th June 2023 17:55:55 Hours
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 22 පාබල සේනාංකයේ 29 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පසුගිය බදාදා (ජුනි මස 07) දින ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, එතුමන් ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් සුබ මොහොතින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ සේනාංකාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සිය වගකීම් ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුවත් කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා 22 පාබල සේනාංක මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ භටපිරිස් එක්ව සිටියහ.