10th June 2023 17:48:34 Hours
නික්ම යන ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සඳුදා (ජුනි මස 05) දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සේනාංක මූලස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 6 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ ඡායාරූප කිහිපයකට එක් වූ එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සිය ධූර කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු නිලයන් වෙත ස්තූතිය පුදකළේය. ඉන් අනතුරුව පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වූ එතුමන් භටපිරිස් සමඟින් සුහද අදහස් හුවමාරුවක ද නිරත වූවේය.
පසු දින, භටපිරිස් විසින් සේනාංක මූලස්ථානයේ ප්‍රධාන දොරටුව දක්වා මාර්ගය දෙපස සිට සේනාංක මූලස්ථානයෙන් නික්ම යන මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාරයන් පුදකළහ. මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්ව සිටියහ.