09th June 2023 18:33:10 Hours
කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත හිටපු ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන්. බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වි යූඑස්පී පීඑස්සී වෙත හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය ඉරිදා (ජුනි මස 04) දින මෝදර ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන්. බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වි යූඑස්පී පීඑස්සී වෙත එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 1 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරිතුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.පී. කාරියවසම්, එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පී.එන්. විජේවර්ධන ආර්එස්පී යූඑස්පී සහ පෙළ අණදෙන්නා විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීම සඳහා එතුමන් වෙත ආරාධනා කරන ලදී.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් අභිනවයෙන් රාජකාරි භාරගනු ලබන කර්නල් සේනාවිධායකතුමන් වෙත රාජකාරි භාරදීම වෙනුවෙන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීමෙන් අනතුරුව උත්සවයේ පළමු දිනයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්වීය. උත්සවය සමාප්තියේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ සෙසුනිලයන් ප්‍රධාන දොරටුව දක්වා ඇති මාර්ගය දෙපස සිට මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන්. බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වි යූඑස්පී පීඑස්සී වෙත සිය ගෞරවාචාර පුදකළහ.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ට ගෞරාවාචර පුදකිරීමේ අරමුණින් එම රෙජිමේන්තු නිලධාරි නිවස්නයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර ඒ සඳහා ඔවුන්ගේ භාර්යාවන් ද සහභාගී වූහ. එහිදී, මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන්. බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වි යූඑස්පී පීඑස්සී සිය හමුදා දිවිය තුළ රාජකාරි ඉටුකිරීමේදී නොයෙකුත් ආකාරයෙන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් වෙත හෘදයාංගම කෘතඥතාව පුදකළේය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ නික්ම යන සභාපතිනි හර්ෂිනී බෝතොට මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.