Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2023 20:20:25 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, සිය බලප්‍රදේශයේ සංචාරයක

ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් ගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර විසින් ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මූලස්ථානයේ යාවත්කාලීන කිරීම් ලබාගැනීම සහ පරිපාලන ගැටළු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් පසුගිය සිකුරාදා (10) දින එම ඉදිරි නඩත්තු පෙදෙස මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, එම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට එක් වූ මේජර් ජෙනරල් දර්ශන විජේසේකර කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව භටපිරිස් ඇමතීය.

මුලතිව් යුද්ධ හමුදා මුලික රෝහල සහ 6 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා කඳවුරේ සංචාරයේ නිරත වූ ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් එම කඳවුරු තුළදී භටපිරිස් ඇමතීය. සංචාරය සමාප්තියේ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය සහ 16 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි ද සංචාරයක නිරත විය.