Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2023 21:25:25 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් නිල සංචාරයක

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් ලෙස සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලද මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල පසුගිය 08 සහ 09 සහ දිනයන්හිදී යාන්ත්‍රික පාබල බලසේනා මූලස්ථානය, යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානය, 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙත සිය පළමු නිල සංචාරයේ නිරත විය.

එම නිල සංචාරයන්හිදී සෑම යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවක් වෙතින්ම එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානූකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමමින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූහ. අනතුරුව, සෑම කඳවුරකම සියලුම භටපිරිස් අමතා ඔවුන්ගේ පරිපාලන කටයුතු පිළිබඳව සොයා බැලූ එතුමන් එම කඳවුරු පරිශ්‍රයන් තුළ ක්‍ෂේත්‍ර චාරිකාවකද නිරත විය. එම සංචාරයන් සනිටුහන් කිරීම සඳහා සෑම කඳවුරු පරිශ්‍රයකම රුක් රෝපණය කල මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල, විශේෂ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහනක්ද තැබීය.

මෙම නිල සංචාරය සඳහා යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රවීන්ද්‍ර බාලසූරිය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අනුර අබේසිංහ, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද සම්බන්ධ වූහ.

මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වශයෙන් ද රාජකාරි සිදුකරනු ලබයි.