Header

Sri Lanka Army

Defender of the Nation

09th June 2023 20:10:00 Hours

නව යුද්ධ හමුදා විධායක ජෙනරාල් රාජකාරී අරඹයි

විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව විධායක ජෙනරාල්වරයා ලෙස ඉකුත් අඟහරුවාදා (6) දින හමුදා සම්ප්‍රදායානූකූලව පැවැති උත්සවයකදී රාජකාරී භාරගන්නා ලදී.

මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ආගමික ආශිර්වාද මධ්‍යයේ එළබී සුබ මොහොතින් නිල ලේඛනයකට අත්සන් තබමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් ධූරයේ රාජකාරී භාරගත්තේය.

මීට පෙර යුද්ධ හමුදා විධායක ජෙනරාල් ධූරයේ රාජකාරි හෙඹවු මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්. ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ශ්‍රී ලංකා යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස පත් කර ඇත.

මෙම නව පත්වීමට පෙර මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයේ රාජකාරී සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා විධායක ‍ජෙනරාල් ශාඛාවේ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.