10th June 2023 17:40:00 Hours
මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී බ්‍රහස්පතින්දා (ජුනි 08) දින හමුදා සම්ප්‍රදායානූකූලව පැවැති උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.
මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ පොල්තෙල් පහන දල්වා සංක්තාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ධූරයේ රාජකාරී භාරගැනීම සනිටුහන් කළේය. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්. ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම යුද්ධ හමුදා විධායක ජෙනරාල් ධූරයේ රාජකාරි කරනු ලැබීය.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ශාඛාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.