13th February 2023 20:10:02 Hours
ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද ඉකුත් සෙනසුරාදා (11) දින 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයේ සහ මින්නේරිය යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක නිරත වූ අතර එම සංචාරය සඳහා ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.
මෙම සංචාරයේදී, මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයේ සහ මින්නේරිය යුද්ධ හමුදා රෝහලේ පරිපාලන කටයුතු පිළිබඳ නිරීක්‍ෂණය කර අදාළ යාවත්කාලීන කිරීම් ලබාගනිමින් පවතින අවශ්‍යතාවයන් පිළිබඳව ද සොයාබැලීය.
මෙම සංචාරයේදී මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද විසින් මින්නේරිය යුද්ධ හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් පිළිබඳව ද විමසා බැලුවේය.