Header

Sri Lanka Army

Defender of the Nation

15th May 2023 18:48:09 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදා යුද විද්‍යාලයේ කළමණාකරණ මණ්ඩලයේ රැස්වීමට සහභාගී වෙයි

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (09) දින බුත්තල ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා යුද විද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලයේ ප්‍රථම රැස්වීමට සහභාගී විය.

මෙම රැස්වීම සඳහා යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී සහ පර්යේෂණ, සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී සහභාගී වූහ.

මෙම සංචාරය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යුද විද්‍යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරය ඉදිරිපිට පැළයක් රෝපණය කළේය. මෙම රැස්වීමේදී යුද විද්‍යාලයේ උසස් ප්‍රමිතීන් පවත්වාගෙන යාම සඳහා විද්‍යාලයේ පුහුණු ක්‍රමවේද, ඉදිරි සැලසුම් සහ පරිපාලන කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අදහස් හුවමාරු කරගත්හ.

රැස්වීම සමාප්තියේ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී එම විද්‍යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරය, පුස්තකාලය, ආරක්‍ෂක අධ්‍යයන ශාඛාව සහ ආදර්ශ ආකෘති කාමරයේ සංචාරයක නිරතවිය. එම විද්‍යාල පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබීමෙන් අනතුරුව නිලධාරි නිවස්නයේදී යුද විද්‍යාලයේ නිලධාරින් සමඟ සුහද අදහස් හුවමාරුවක ද නිරත විය.