Header

Sri Lanka Army

Defender of the Nation

17th May 2023 06:45:33 Hours

1 බලකාය භටපිරිස් යුද්ධයෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන්ට සෙත්පතා පිං අනුමෝදන් කරයි

කිළිනොච්චිය ප්‍රදේශයේ ස්ථාපිත 1 බලකායේ භටපිරිස් විසින් මැයි මස 19 දින පැවැත්වීමට නියමිත ජාතික රණවිරු අනුස්මරණ දිනය හෙවත් ‘විජයග්‍රාහී දිනය’ වෙනුවෙන් යුද්ධයෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් වෙත පිං අනුමෝදන් කිරීමේ ආගමික වැඩසටහනක් පසුගිය ඉරිදා (මැයි මස 14) දින පවත්වන ලදී.

1 බලකායේ බලකාධිපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පිඑස්සි ගේ උපදෙස් මත කිළිනොච්චිය ප්‍රදේශයේ පිහිටි ලුම්බිණි බෞද්ධ විහාරස්ථානය, මුරුකන්ඩී මුරුගන් හින්දු කෝවිල, කිළිනොච්චිය මස්ජිදුස් සලාම් ජුම්මා පල්ලිය, ඉරණමඩු අම්මාන් හින්දු කෝවිල සහ කිලිනොච්චිය ශාන්ත තෙරේසා දේවස්ථානයේ පැවැති පූජාවන් සහ දේව මෙහෙයන් සඳහා 1 බලකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් පී.සී.එල්. ගුණවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්පී ඇතුළු එම බලකායේ සියළුම නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.

පූජාවන් පැවැත්වීමෙන් අනතුරුව භික්‍ෂූන් වහන්සේලාට පිරිකර පූජාකිරීම සහ කුරුක්කල්වරුන්ට හා මවුලවිවරුන්ට ත්‍යාග පිරිනැමීම සිදුකරන ලදී.