03rd June 2023 00:35:40 Hours
යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, විශේෂ බලකායේ බලකාධිපති සහ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ කාර්යයේ නියුතු සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (01) දින නාඋල, විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
රාජකාරීන් නිල වශයෙන් භාරදීමට පෙර, කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරචාචාරය සහ සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.
කඳවුරු පරිශ්‍රයෙන් පිටත්ව යාමට පෙර එතුමන් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ස්ථාපිත රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරනු ලැබීය. අනතුරුව එතුමන් සියලු නිලයින් අමතමින් ඔවුන්ගේ සේවය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ අතර, විශේෂ බලකායට ආවේණික ලක්‍ෂණ සහ එම සම්ප්‍රදායන් ඉදිරියටත් ඒ ආකාරයටම පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.
එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන්, සමුහ ඡායාරූපයකට පෙනී සිටී අතර, පසුව කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. එදින සන්ධ්‍යවේ විශේෂ බලකා රෙජිමේන්තුවේ මන්ත්‍රණ සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 1 වන විශේෂ බලකා නිලධාරී නිවස්නයේදී විශ්‍රාම දිවියට එළඹෙන විශේෂ බලකායේ බලකාධිපතිතුමන් වෙනුවෙන් සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.