Header

Sri Lanka Army

Defender of the Nation

03rd June 2023 00:15:46 Hours

‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයට වසර 12ක් සපිරේ

අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ 12 වැනි සංවත්සරය දිනය එම සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ටී.එස් බාලසූරිය ගේ උපදෙස් මත සම්ප්‍රදායික ආගමික වතාවත් මධ්‍යයේ ඉකුත් මැයි මස 30 (අඟහරුවාදා) දින සමරන ලදී.

සංවත්සර දිනය ආරම්භ කරමින් මැයි මස 29 (සඳුදා) දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පැවැත්වූ අතර, පසුදා මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමක් ද පැවැත්වීය.

සංවත්සර දින උත්සව අවස්ථාව සඳහා මිහිඳු සෙත් මැදුර සුවතා නිකේතනයේ සේනාවිධායක, ,කාර්යය මණ්ඩල සාමාජිකයින් සහ නේවාසික රණවිරුවන් සහභාගී වූහ.