Header

Sri Lanka Army

Defender of the Nation

03rd June 2023 00:14:47 Hours

උසස්වීම් ලද ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ බලකාධිපතිතුමන් වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

අභිනවයෙන් උසස්වීම් ලබා වේරහැර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකා මූලස්ථාන වෙත සපැමිණි මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූව ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සදුදා (මැයි මස 29) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති සහ අධ්‍යක්‍ෂක සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී, අනතුරුව සියලු භටපිරිස් අමතන ලදී, උත්සවයේ කටයුතු අවසන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද එතුමන් සහභාගී වීය.

උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.