Header

Sri Lanka Army

Defender of the Nation

01st June 2023 21:10:05 Hours

නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වෙත එම මූලස්ථානයේ ගෞරවාචාරය

වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවාකාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළබෙන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් 2023 මැයි 31 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මූලස්ථානයේදී පවත්වන ලදී.

මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනයෙන් නික්මයාමට පෙර, 51, 52, 55 පාබල සේනාංක සහ ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) නිල සංචාරයක නිරත වෙමින් භටපිරිස් අමතා සිය සේවා කාලය තුළ ඔවුන් දැක්වූ සහයෝගය වෙනුවෙන් ස්තූතිය පුද කළේය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ධූරයෙන් නික්මයන මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී වෙත 2023 මැයි මස 30 දින 16 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කදවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුද කළේය. කාර්යාල පරිශ්‍රයේදී නිල වශයෙන් සිය ධුරය භාරදීමේ ලේඛනයට අත්සන් තබමින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ධුරයෙන් නික්ම ගියේය.

භටපිරිස් ඇමතු ආඥාපතිතුමන් සිය රාජකාරි කාලසීමව තුළ තමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් ස්තූතිය පුදකළේය. පසුව සමූහ ඡායාරූපයකට පෙනී සිටි එතුමන් සියලු නිල දිවා භෝජන සංග්‍රහය සඳහා සහභාගී විය. නිලධාරි නිවස්නයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයෙන් සමුගැනීමේ උත්සවයේ උත්සව කටයුතු අවසන් කෙරිණි.