Header

Sri Lanka Army

Defender of the Nation

03rd June 2023 00:12:24 Hours

යුද්ධ හමුදා අයවැය හා මුදල් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

අයවැය හා මුදල් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 16 වන අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බ්‍රිගේඩියර් ඒ.එම්.කේ.ජී.පී.එස් අබේසිංහ මැයි මස 22 වන (බ්‍රහස්පතින්දා) දින යුද්ධ හමුදා මූලස්ථානයේ ස්ථාපිත සිය කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.

එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම කෙටි උත්සවයේදී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් බ්‍රිගේඩියර් ඒ.එම්.කේ.ජී.පී.එස් අබේසිංහ නව ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි කටයුතු හෙබවූ බ්‍රිගේඩියර් ආර්.පී.එස් පද්මශාන්ත එල්එස්සී මේවන විට විශ්‍රම නිවාඩු ලබා ඇත.