05th June 2023 19:27:32 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයේ 15 වන සංවත්සර දිනය වෙනුවෙන් බූස්ස ප්‍රදේශයේ පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේදී මැයි මස 29 සහ 30 දෙදින තුළ සැමරුම් උත්සවයක් පැවැත්විණි. එහීදී කණ්ඩායම් පහක සහභාගීත්වයෙන් සුහද ක්‍රිකට් තරඟාවලියක් ඇතුළු වැඩසටහන් රැසක් දින දෙකක් පුරා පැවත්විණි.
සංවත්සර දින සැමරුම් උත්සවයට සමගාමීව භටපිරිස් විසින් හික්කඩුව සර්වෝදය ‘සුවසෙත වැඩිහිටි නිවාසයේ’ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 12 දෙනෙකු වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමනු ලැබූහ.
සංවත්සර දිනය යේදී තිබූ මැයි මස 30 දින 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එම්.යූ. හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී වෙත එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරචාරය පුදකරනු ලැබූහ. උත්සව අවස්ථාව සංකේතවත් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. අනතුරුව සේනාංකාධිපතිතුමන් සියලු භටපිරිස් අමතා රාජකාරිය වෙනුවෙන් කරනු ලබන කැපවීම වෙනුවෙන් සිය ස්තුතිය පුදකරන ලදී.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.