05th June 2023 19:05:20 Hours
ශ්‍රී ලංකා සංඥා බලකාය යටතේ ස්ථාපිත සංඥා බලසේනාවේ 35 වන සංවත්සරය දිනය පනාගොඩ සංඥා බලකායේ මූලස්ථාන පරිශ්‍රයේදී සංඥා බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච්.ඩී.ජේ.පී වීරතුංග ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (01) දින පවත්වන ලදී.
යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුව පැවති උත්සවයේදී සංඥා බලසේනාවේ භටපිරිස් විසින් කර්නල් එච්.ඩී.ජේ.පී වීරතුංග වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව, එතුමන් සියලු භටපිරිස් ඇමතූ අතර, සියලු නිල තේපැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී වීය.
සංවත්සරය දිනය නිමිත්තෙන් සංඥා බලසේනාවේ භටපිරිස් විසින් පසුදින මීගොඩ මහාබෝධි ළමා නිවාසයේ ළමුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් සහ එම ළමා නිවාසයට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් පරිත්‍යාග කරන ලදී.