Header

Sri Lanka Army

Defender of the Nation

11th April 2023 11:12:10 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය පනාගොඩදී ජන ක්‍රීඩා රැසක් සමගින්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වාර්ෂිකව සම්ප්‍රදායානුකූලව සංවිධානය කරනු ලබන සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය අවුරුදු ක්‍රීඩා රැසක් සමගින් පනාගොඩ යුද්ධ හමුදා ජනපද කඳවුරු පරිශ්‍රයේදී ඉකුත් සඳුදා (10) දින පවත්වනු ලැබීය. එම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වූහ.

උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමගින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිණිය සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.

උත්සව අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් ජාතික කොඩිය සහ යුද්ධ හමුදා ධජයන් ඔසවා ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව, රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා, සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා බක්මහ උළලේ සමාරම්භය සනිටුහන් කළේය.

මෙවර යුද්ධ හමුදා මුලස්ථාන බක්මහ උළෙල ‘අවුරුදු කුමරිය’ තේරීම, අලියාට ඇස තැබීම, බනිස් කෑමේ තරගය, කොට්ට පොර ගැසීම, සෙමින් බයිසිකල් පැදිම, ගම හරහා දිවීම, විකට ඇදුම් තරඟය සහ බාධක දිවීම ආදී සම්ප්‍රදායික ජන ක්‍රීඩා හා විනෝදාත්මක ක්‍රීඩා රැසකින් සමන්විත වූහ.

මෙම අවස්ථාවට සහභාගී වූ යුද්ධ හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සමාජිකාවන්, සෙසුනිලයින්, ආරාධිතයින් සහ සිවිල් කාර්යය මණ්ඩලය එක්ව බක්මහ උළලේ පවත්වන ලද සම්ප්‍රදායික ජන ක්‍රීඩා හා විනෝදජනක ක්‍රීඩා සඳහා මහත් උද්යෝගයකින් යුතුව සහභාගි වූහ.

ගැමි ගම්මානයක අසිරිය විදහා දක්වමින් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ක්‍රීඩාපිටි පරිශ්‍රයේ ඉදිකර තිබු ආදර්ශ ගැමි ගෙදර සංචාරය කළ යුද්ධ හමුදාධිපතිතුමන් අලුත් අවුරුදු උත්සවයට සහභාගි වූ නිලධාරීන් සහ සෙසුනිලයින් සමගින් සුහදව අදහස් හුවමාරු කරගත්තේය.

සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන් සහ එම මැතිණිය එක්ව ‘මිහිඳු සෙත් මැදුර’, රාගම ‘රණවිරු සෙවණ’ සහ ‘අභිමංසල’ සුවතා නිකේතනවල මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන වීරෝදාර රණවිරුන් බැහැදැක අවුරුදු සුභපැතුම් එක්කරමින් ඔවුන්වෙත විශේෂ ත්‍යාග සහ වියළි සලාක පාර්සල් ප්‍රදානය කරන ලදී.

අලුත් අවුරුදු උත්සවය අවසානයේදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ජානකී ලියනගේ මහත්මිය, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් තරඟ ඉසව් වලට ඉදිරිපත්වූ ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කරන ලදී.