16th February 2023 19:34:35 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන පාබල සේනාංකයේ 611 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් රත්නපුර කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන අඩු ආදායම් ලාභී පවුල් 120 ක් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිශ්‍රයේදී පසුගිය අඟහරුවාදා (14) දින පවත්වනු ලැබීය.
පූජ්‍ය තලගල සුමනරතන නායක ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් පවත්වාගෙන යනු ලබන ‘තලගල ශ්‍රී සිද්ධාර්ථ’ පදනම සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay & Kee Meng Lang’ පදනම මෙම වැඩසටහන සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදුන් අතර, එම සංවිධාන විසින් ඉදිරියේදීත් රත්නපුර දිස්ත්‍රික්කයේ ජීවත්වන අඩු ආදායම් ලාභී පවුල් අතර වියළි ආහාර සලාක ඇසුරුම් 1500 ක් බෙදාදීමට නියමිතය.
අදාළ ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරී මහතුන්ගේ සහයෝගයෙන් යුතුව සියලුම ප්‍රතිලාභී පවුල් තෝරාගනු ලැබුහ.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස් මත 611 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව එරගොඩ ගේ මගපෙන්වීම යටතේ මෙම සමාජ සත්කාරක වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.
බ්‍රිගේඩියර් සුජීව එරගොඩ ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය හේරත් සහභාගී වූ මෙම උත්සව අවස්ථාව සඳහා පරිත්‍යාගශීලී සංවිධානයන්හි මහා සංඝරත්නය, 8 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී, යුද්ධ හමුදා නිලධාරීන්, සෙසු නිලයින් සහ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී වූහ.