19th February 2023 17:45:59 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන පාබල සේනාංකයට අයත් 222 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් නැගෙනහිර පළාත තුළ සිවිල් ජනතාව සහ හමුදා සාමාජිකයින් අතර සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරමින් ඉකුත් අඟහරුවාදා (පෙබරවාරි මස 14) දින සූරියපුර, මහවැලිගම පාසලේ ඉගෙනුම ලබන සිසුන් 100 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව 222 වන පාබල බලසේනා බලප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් පාසල් උපකරණ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදීගැනීම සඳහා ‘බ්ලිස්ෆුල් මයින්ඩ්ස්’ (Blisful Minds) සංගමය වෙතින් රුපියල් මිලියන 2 ක මූල්‍යමය අනුග්‍රාහකත්වයක් ලබාදුන් අතර ප්‍රතිලාභීන් වෙත එම පාසල් පරිශ්‍රය වෙත ආරාධනා කිරීමෙන් අනතුරුව මෙම පරිත්‍යාග වැඩසටහන සිදුකරන ලදී.
මෙම පරිත්‍යාග වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි සහ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගම ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරනු ලැබීය.
222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නාලක මල්සිංහ සහ 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් චන්දන වන්නිආරච්චි ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් සහ පාසල් කාර්යය මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගී වූ අතර 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ‘බ්ලිස්ෆුල් මයින්ඩ්ස්’ (Blisful Minds) සංගමයේ පරිත්‍යාගශීලීන්, සෙසුනිලයන්, මහවැලිගම පාසලේ විදුහල්පති ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සහ එම පාසලේ සිසු සිසුවියන්ගේ දෙමාපියන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.