06th February 2023 20:38:47 Hours
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පාසල් සමයේ සමකාලීනයෙකු වශයෙන් මාතලේ විජය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් එම්.බී.බී.එන්. හේරත් ආර්එස්පී විසින් රචිත ‘Story of the World: Geopolitical Alliances and Rivalries Set in Stone’ ග්‍රන්ථයේ මංගල පිටපත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත අද (6) දින පස්වරුවේ පිළිගන්වන ලදී.
ගෝලීය දේශපාලන ක්ෂේත්‍රයේ නව පැතිකඩයන් කෙරෙහි අන්‍යෝන්‍යය වශයෙන් බලපවත්නා දේශපාලනික හා ඒ සම්බන්ධ බිම් මට්ටමේ කරුණු වල ප්‍රමුඛ පැතිකඩයන් මූලික කොටගත් භූ දේශපාලනික සන්ධාන ක්ෂේත්‍රය සහ ඊට ප්‍රතිවාදී බලවේගවල වර්ථමාන වර්ධනයන් පිළිබඳ සවිස්තරාත්මකව මෙම ග්‍රන්ථයෙහි සඳහන් වේ. තවද, මෙහි එම භූ දේශපාලනික සන්ධානය ඇති වීමට බලපාන ප්‍රවණතාවයන් පිළිබඳව සියුම්ව විමර්ෂණය කරයි.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් මෙම ග්‍රන්ථයේ කතුවරයා වෙත සිය සුභාශිංසනයන් පිරිනැමූ අතර, කාලීන වැදගත්කමකින් යුත් ග්‍රන්ථ එළිදැක්වීම පිළිබඳ සිය කෘතඥතාවය ද පුදකළේය.
මෙම නව ග්‍රන්ථයේ මුල් පිටපත ජනවාරි මස මුලදී රොක් හවුස් යුද්ධ හමුදා කඳවුරේ පැවති උත්සවයකදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් ජී.ඩී.එච්. කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් අභිමුඛව එළිදක්වන ලදී.