03rd February 2023 21:42:25 Hours
ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති සහ ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරල් ලලිත් හේරත්, පසුගිය සෙනසුරාදා (28) දින දළුකාන ප්‍රදේශයේ පිහිටි 2 වන (සෙව්) ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත ප්‍රථම නිල සංචාරය සිදුකරනු ලැබිණි.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ලලිත් හේරත් 2 වන (සෙව්) ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිළධාරී මේජර් කේ.වී.ඒ. කොඩිකාර විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, අනතුරුව එම ඒකකයේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. මෙම සංචාරය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ලලිත් හේරත් විසින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කරන ලදී.
භටපිරිස් අමතමින් කර්නල් සේනාවිධායක විසින් ඉහළම ප්‍රමිතියකින් විනය ආරක්‍ෂා කරමින් රාජකාරි කටයුතු සඳහා තම වෘත්තීයභාවය උපයෝගී කරගන්නා ආකාරය සහ බලකායක් ලෙස රාජකාරි ඉටුකිරීමේදී දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා නවෝත්පාදනයන් උපයෝගී කරගත හැකි ආකාරය පිළිබඳව ද අවධාරණය කරන ලදී.
සංචාරය අතරතුර එතුමන්, සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී විය. එහිදී මේජර් කේ.වී.ඒ කොඩිකාර විසින් මේජර් ජෙනරල් ලලිත් හේරත් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රධානය කරනු ලැබූ අතර, හමුදා සාමාජියන් සමගින් සුහඳ පිළිසඳරක යෙදිණි. අනතුරුව කඳවුරු පරිශ්‍රයෙහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ එතුමන් වෙත ඒකක අණදෙන නිලධාරී විසින් ඒකකයේ රාජකාරි ස්වභාවය පිළිබඳව දැනුවත් කරන ලදී.
මේජර් ජෙනරල් ලලිත් හේරත් නිලධාරී නිවස්නයේ පැවති දිවා භෝජන සංග්‍රහය අතරතුරදී නිලධාරීන් සමඟින් සුහද පිළිසඳරක නිරත වූ අතර, නිල සංචාරය සමාප්තියේදී එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය.