04th February 2023 07:07:30 Hours
පෙබරවාරි මස 4 දිනට යෙදෙන 75 වන ජාතික නිදහස් දින සංවත්සරයට සමගාමීව මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 8 දෙනෙකු වෙත ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගිය සිකුරාදා (3) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් නිල ලාංඡන පැළඳවිය.
රටේ ආරක්‍ෂාව වෙනුවෙන් අනාගතයේදී ආදර්ශමත් සේවයක නිරතවීමට වඩාත් කැපවීමෙන් කටයුතු කරන බවට සහතික වෙමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නෙළුම් පොකුණ රඟහලේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරල් එල්.එස් බාලචන්ද්‍ර ආර්එස්පී, 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්පී, තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්සුම් අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ඩී.එම්.පී.පී දසනායක, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී, 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී, පර්යේෂණ සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් පී.පී.ඒ පෙරේරා එච්ඩීඑම්සී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිය නිළ ලාංඡනයන් ලබාගත්හ.
උසස්වීම් ලැබූ නිලධාරින් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සුහද පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නව මේජර් ජෙනරල්වරුන් වෙත අසිපත් පිරිනැමුවේය. එහිදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුබපැතුම්වලට ස්තූතිය පළකළ නව මේජර් ජෙනරල්වරුන් සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනීසිටිමින් මෙම අවස්ථාව සනිටුහන් කරනු ලැබීය.