Header

Sri Lanka Army

Defender of the Nation

04th February 2023 07:08:12 Hours

75 වන ජාතික නිදහස් දින සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයන්ට නිල උසස්වීම්

පෙබරවාරි මස 04 දිනට යෙදෙන 75 වන ජාතික නිදහස් දින සංවත්සරයට සමගාමීව ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ අනුමැතිය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී නිලධාරින් 208 දෙනෙකු සහ සෙසුනිලයන් 9919 දෙනෙකු වෙත නිල උසස්වීම් හිමිගන්වනු ලැබීය.

ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 8 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට, කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 17 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 10 දෙනෙකු කර්නල් නිලයට, මේජර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 10 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයට, කපිතන් නිලයේ නිලධාරීන් 78 දෙනෙකු මේජර් නිලයට, ලුතිතන් නිලයේ නිලධාරීන් 12 දෙනෙකු කපිතන් නිලයට, ලුතිතන් (උපා) නිලයේ නිලධාරීන් 9 දෙනෙකු කපිතන් (උපා) නිලයට සහ දෙවන ලුතිතන් නිලයේ නිලධාරීන් 64 දෙනෙකු ලුතිතන් නිලයටත් උසස්වීම් ලැබූහ.

එමෙන්ම, නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී බළලත් නිලධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 181 දෙනෙකු බළලත් නිලධාරි I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 473 දෙනෙකු බළලත් නිලධාරි II නිලයටත්, සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 679 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 1697 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 1740 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 5149 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස්වීම් ලැබූහ.

යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර් නිලයේ නිලධාරීන් වන, නෙළුම් පොකුණ රඟහලේ ප්‍රධාන විධායක නිලධාරී බ්‍රිගේඩියර් එල්.එස් බාලචන්ද්‍ර ආර්එස්පී, 24 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්පී, තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්සුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩී.එම්.පී.පී දසනායක, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර බ්‍රිගේඩියර් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී, 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී, පර්යේෂණ සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී.ඩබ්ලිව්.ඒ සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී‍, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.පී.ඒ පෙරේරා එච්ඩීඑම්සී පීඑස්සී යන අයවළුන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූහ.