Header

Sri Lanka Army

Defender of the Nation

03rd February 2023 18:10:14 Hours

තුර්කි ජනරජ තානාපති කාර්යාලයේ හමුදා උපදේශක, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ඉන්දියාවේ තුර්කි ජනරජ තානාපති කාර්යාලයේ මෙරට හමුදා උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන පාබල හමුදා මාණ්ඩලික කර්නල් සර්වර්ට් ඔකුමස් (Colonel Servrt Okumus) සිකුරාදා (03) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

මෙම සුහද හමුවේදී, ද්විපාර්ශ්වික සබඳතාවයන් පවත්වාගැනීමේ වැදගත්කම, ආරක්‍ෂක කරුණු, දෙරට අතර පවතින වෙළෙඳ හා වාණිජ බැඳීම් සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.

සුහද හමුවේ සමාප්තිය සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

පාබල හමුදා මාණ්ඩලික කර්නල් සර්වර්ට් ඔකුමස් මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාවේ ද තුර්කි ජනරජ තානාපති කාර්යාලයේ හමුදා උපදේශක ලෙස කටයුතු කරනු ලබයි.