Header

Sri Lanka Army

Defender of the Nation

02nd February 2023 10:02:08 Hours

සෞදි අරාබි තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සඳහා පත්කර සිටින ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක මාණ්ඩලික බ්‍රිගේඩියර් ජෙනරල් (ආචාර්ය) මොහොමඩ් එසා එච් අල්හර්බි (Staff Brigadier General (Dr.) Mohammad Essa H Alhrbi) බ්‍රහස්පතින්දා (02) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

මාණ්ඩලික බ්‍රිගේඩියර් ජෙනරල් (ආචාර්ය) මොහොමඩ් එසා එච් අල්හර්බි අනතුරුව පැවති සුහද හමුවේදී, ද්විපාර්ශ්වික අවධානයට ලක්විය යුතු කරුණු පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ අදහස් හුවමාරු කර ගන්නා ලදී.

සුහද හමුව අවසානයේදී සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.