02nd February 2023 19:25:17 Hours
දකුණු සුඩානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරී සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 9 වන වෛද්‍ය කණ්ඩායම බ්‍රහස්පතින්දා (2) දින දිවයිනෙන් පිටත්ව යන ලදී.
නිලධාරීන් 17 දෙනෙකු සහ සෙසු නිලයින් 49 දෙනෙකු ඇතුළුව හමුදා සාමාජිකයින් 66 දෙනෙකුගෙන් සමන්විත මෙම වෛද්‍ය කණ්ඩායමේ අණදෙන නිලධාරී වශයෙන් කර්නල් එම්.පී.එස්.ආර් අමරසේකර සහ 2 වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් ජේ.ඒ.ඩී.සී.එච් ජයසිංහ කටයුතු කරනු ලබයි.
වෛද්‍ය කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන අවස්ථාව සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රය වෙත යුද්ධ හමුදාධිපතිතුමන් වෙනුවෙන් යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අසංග පෙරේරා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් මහේන් සල්වතුර ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.