Header

Sri Lanka Army

Defender of the Nation

02nd February 2023 10:09:30 Hours

නිදහස් දින පෙරහුරු පෙළපාලිය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂාවට

පෙබරවාරි මස (04) දින පැවැත්වීමට නියමිත 75 වන නිදහස් දින උත්සවය සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වය සහ පෙරහුරු නිදර්ශනයන් නැරඹීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ජනවාරි මස (29) දින එහි සංචාරයක නිරීක්‍ෂණ නිරත වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන් පෙරහුරු නිදර්ශනයන් නැරඹීමෙන් අනතුරුව හමුදා අංශවල අවශ්‍ය වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට පෙළපාලිය භාරව සිටි නිලධාරින් වෙත වැඩිදුර උපදෙස් ලබා දුන්නේය.

තවද, මෙම නිරීක්‍ෂණ සංචාරයේදී යුද්ධ හමුදාධිපතිතුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ එක්ව පෙළපාලියට සහභාගී වන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නවාතැන් පහසුකම් සහ ඔවුන්ගේ අනෙකුත් අවශ්‍යතා පිළිබඳව සොයා බලන ලදී.