Header

Sri Lanka Army

Defender of the Nation

31st January 2023 18:35:27 Hours

ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිතුමන් පනාගොඩ යුද්ධ හමුදා මූලික රෝහලේ සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල පසුගිය සිකුරාදා (27) දින පනාගොඩ යුද්ධ හමුදා මූලික රෝහලේ පරිපාලන ක්‍රියාවලිය, සැපයුම්, යටිතල පහසුකම්, නවාතැන් පහසුකම් ඇතුළු අනෙකුත් කාර්යභාරයන් පිළිබඳ සොයාබැලීමේ අරමුණින් එම රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

රෝහල් පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ලංකා අමරපාල එම රෝහලේ අණදෙන නිලධාරි මේජර් පී.ජී.ජේ. රෝහිත විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම රෝහලේ මෙහෙයුම් සහ පාලන කටයුතු පිළිබඳව එතුමන් දැනුවත් කරන ලදී.

සංචාරය සමාප්තියේ, සේනාංකාධිපතිතුමන් විසින් රෝහලේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තබන ලදී.