Header

Sri Lanka Army

Defender of the Nation

30th January 2023 18:20:39 Hours

‘යුද්ධ හමුදාව තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නිවාරණය’ මැයෙන් 24 වන සේනාංක මූලස්ථානයේදී දැනුවත් කිරීමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි සහ 24 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් විපුල චන්ද්‍රසිරි ගේ මාර්ගෝපදේශ යටතේ එම සේනාංකය වෙතින් ‘යුද්ධ හමුදාව තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නිවාරණය’ මැයෙන් පසුගිය බදාදා (25) දින අම්පාර, මල්වත්ත ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංක මූලස්ථානයේදී දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානසික සෞඛ්‍ය ඒකකයේ මූලිකත්වයෙන් පැවති අතර, මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජ්‍යෙෂ්ඨ මනෝ චිකිත්සක උපදේශක බ්‍රිගේඩියර් රොෂාන් මොණරාගල ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී.

මෙම දේශනයේදී, සාමාන්‍ය ජනතාව විසින් භාවිත කරන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින ආකාරය පිළිබඳව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් දැනුවත් කරනු ලැබීය. එමෙන්ම, යුද්ධ හමුදාව තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයේ අයහපත් ප්‍රතිවිපාකයන් පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් භටපිරිස් දැනුවත් කරන ලදී.

මෙම වැඩසටහන සඳහා 24 වන සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත බලසේනාවන් නියෝජනය කරමින් නිලධාරීන් 14 දෙනෙකු සහ සෙසුනිලයින් 160 දෙනෙකු සහභාගී වූහ.