25th January 2023 22:14:04 Hours
144 වන බලසේනාව යටතේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව, 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව සහ 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ සාමාජිකයින් 200 දෙනෙකුගේ දායකත්වය මත කැලණිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික පිරිත් සජ්ඣායනා පුණ්‍ය මහෝත්සවය සහ භික්ෂූන් වහන්සේලා දහස් නමක් උදෙසා හීල් දානය පූජාකිරීමේ පුණ්‍යෝත්සවය සාර්ථකව සිදුකෙරිණි.
කැලණිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කොල්ලුපිටියේ සංඝරක්ඛිත හිමිපාණනගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා සාමාජිකයන් පිරිත් සජ්ඣායනා කිරීමේ සහ භික්ෂූන් වහන්සේලා දහස් නමක් උදෙසා හීල් දානය පූජාකිරීමේ පුණ්‍ය වැඩසටහන සඳහා සිය බැතිබර දායකත්වය ලබාදුන්හ.
මෙම බෞද්ධ ආගමික උත්සවය පැවැත්වීම සඳහා ‘කන්ගරා හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම’ (Kangara Holdings Pvt. Ltd) විසින් සිය අනුග්‍රාහකත්වය ලබාදී තිබූ අතර බළන්ගොඩ, බෙලිහුල්ඔය, සීලගම ‘සීලසමාහිත ආරණ්‍ය සේනාසනයේ අමා දොර විවර විය සදහම් පදනමේ’ නිර්මාතෘ සහ ප්‍රධාන අනුශාසක පූජ්‍ය බලංගොඩ රාධා හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් මෙම සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය පැවැත්විණි.
මෙම පුණ්‍ය වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහ 144 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වින්දන කොඩිතුවක්කුගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදුකරනු ලදී.