20th January 2023 20:22:46 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර පසුගිය සඳුදා (16) දින 66 වන පාබල සේනාංකයේ සංචාරයක නිරත විය.
66 වන සේනාංක කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් දර්ශන විජේසේකර එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් නලින් ජයවර්ධන විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, අනතුරුව 66 වන සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය (drive pass) එතුමන් වෙත පිරිනමන ලදී.
එම සංචාරයේදී, මේජර් ජෙනරල් දර්ශන විජේසේකර එම සේනාංකයේ රාජකාරියෙහි නියුතු නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, සංචාරය සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රය තුළ අඹ පැළයක් ද රෝපණය කරන ලදී. එහිදී 66 වන සේනාංකයේ සේනාංකාධිපති සහ එම සේනාංකය යටතේ ඇති බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් විසින් එතුමන් වෙත තම බලප්‍රදේශයන්හි කාර්යභාර්යන් පිළිබඳව දැනුවත් කරන ලදී.
මූලස්ථානයේ සංචාරයට පෙර මේජර් ජෙනරල් දර්ශන විජේසේකර එම ප්‍රදේශයේ පල්ලිකුඩා, මණ්ඩගලාරු, පල්ලවරායන්කඩ්ඩු සහ සංගුපිඩ්ඩි යන මාර්ග බාධක නිරීක්‍ෂණය කරන ලදී. එහිදි 66 වන පාබල සේනාංකයේ භටපිරිස් ඇමතු එතුමන් සංචාරය අවසන් කරමින් කුමාර් තුඩුව වෙතද නිරීක්‍ෂණ චාරිකාව නිරත විය.