Header

Sri Lanka Army

Defender of the Nation

19th January 2023 21:32:33 Hours

උතුරු සහ වන්නි භටපිරිස් තෛපොංගල් සැමරුම් සඳහා සිය දායකත්වය දක්වති

දිවයින පුරා විසිර පැතිර සිටින යුද්ධ හමුදා භටපිරිස් වාර්ෂික ‘තෛපොංගල්’ උත්සවය සැමරීම සඳහා විවිධ ආගමික වතාවත්වල නිරත වෙමින් ප්‍රජා ව්‍යාපෘති සංවිධානය කර යුද්ධ හමුදාවේ දායකත්වය ලබාදුන්හ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ඇති 55 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 552 වන පාබල බලසේනාවේ භටපිරිස් විසින් වියළි සලාක, පාසල් බෑග් සහ ලිපි ද්‍රව්‍ය, පොල් පැළ සහ මුදල් ත්‍යාග පිරිනැමීමේ දැවැන්ත ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ඉකුත් සඳුදා (16) දින පලෙයි පොදු බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී දියත් කරන ලදී.

මෙම උත්සවය 55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්නගේ සංකල්පීය මගපෙන්වීමකට අනුව පලෙයි හින්දු ද්‍රවිඩ සංගමයේ එස් මදන් මහතාගේ අනුග්‍රහයෙන් 552 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජයනාත් ජයවීර සහ එම බලසේනාවේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.

පලෙයි බස් නැවතුම්පළේ පැවති මෙම පරිත්‍යාග වැඩසටහන ප්‍රදේශයේ පාසල් සිසුන් සහ වැඩිහිටියන් ඉදිරිපත් කළ සංස්කෘතික හා නර්තන අංගයන්ගෙන් වර්ණවත් විය.

තෛපොංගල් උත්සවය වෙනුවෙන් පැවැති සාම්ප්‍රදායික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයින්ට, ගම්වාසීන්ට සහ ළමුන් අතර, වියළි ආහාර සලාක පාර්සල්, පාසල් බෑග් 150ක්, පොල් පැළ 500ක් සහ රුපියල් 50,000.00 ක වටිනාකමින් යුත් ත්‍යාග වවුචර 500 කට අධික ප්‍රමාණයක් බෙදාදෙන ලදී. මෙම පරිත්‍යාගයන් සඳහා එස් මදන් මහතාට රුපියල් ලක්‍ෂ 8ක පමණ මුදලක් වැය වූ අතර, භටපිරිස් විසින් දිරි දීමනා ප්‍රතිලාභීන් අතර බෙදාදීමට කටයුතු කළේය.

1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් ඒ.සී.ආර් තිලකරත්න, 23 වන ගැමුණු හේවා බලකායේ මේජර් ආර්.එම්.ආර්.බී රත්නායක සහ 552 වන පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි මේජර් ආර්.ආර්.එස් දෙහිගල විසින් මෙම උත්සවයේ වැඩකටයුතු සම්බන්ධීකරණය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහභාගී වූ අතර, 552 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, පච්චලෙයිපලෙයි ප්‍රාදේශීය ලේකම් එස්.සී ක්‍රිෂ්ණේන්ද්‍රන් මහතා, පලෙයි, වෘත්තීය සමිති සභාපති කේ. වයිකුන්තනාදන්, පරිත්‍යාගශීලීන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි වූහ.

මේ අතර ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන පාබල සේනාංක භටපිරිස් විසින් ඉකුත් ඉරිදා (15) දින මල්ලාවි, ආලන්කුලම් හි පිහිටි ස්තිව්නායගර් අල්යාම් කෝවිලේදී විශේෂ තෛපොංගල් පූජාවක් පවත්වන ලදී. 65 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහගේ මගපෙන්වීම යටතේ පැවැත්වූ මෙම පූජාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු ප‍්‍රදේශයේ බැතිමතුන් පිරිසක් ද එක් වූහ.