19th January 2023 21:20:33 Hours
22 සහ 23 වන පාබල සේනාංකවල සම්බන්ධීකරණයෙන් 24 වන පාබල සේනාංකය විසින් සංවිධානය කරනු ලැබු ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර අන්තර් කොට්ඨාශ පැසිපන්දු තරඟාවලිය ඉකුත් සිකුරාදා (13) දින මඩකලපුව ‘වෙබර්’ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරඟාවලියේ මූලික වටයේ තරඟ වෙනුවෙන් ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර පැසිපන්දු ක්‍රීඩකයන් ඇතුළුව එම සේනාංක වල කණ්ඩායම් පහක් තරඟ වැදුණු අතර, අවසන් මහා තරඟයේදී 24 වැනි පාබල සේනාංකයේ කණ්ඩායමට එරෙහිව තරඟ වැදුණු 23 වන පාබල සේනාංකයේ කණ්ඩායම තරඟාවලිය ජයග්‍රහණය කරමින් එහි ශූරතාවය හිමිකර ගත්හ.
ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි විසින් ජයග්‍රාහකයින් සහ සහභාගිවූවන් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් විපුල චන්ද්‍රසිරි විසින් ලබාදුන් මාර්ගෝපදේශ සහ සහයෝගය මත 24 වන පාබල සේනාංක භටපිරිස් විසින් තරඟාවලිය මෙහෙයවන ලදී.
තරඟාවලිය නැරඹීම සඳහා 22, 23 සහ 24 වන පාබල සේනාංකවල සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.