18th January 2023 18:40:47 Hours
කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 61, 62 ඒ සහ නිලධාරිණි පාඨමාලා අංක 18 යටතේ පුහුණුව හදාරා දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්වීමෙන් අනතුරුව ප්‍රථම වරට සිය රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි නිලධාරීන් සහ නිලධාරිනියන් 95 දෙනෙකු පිළිගැනීමේ උත්සවයක් කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය විසින් ඉකුත් අඟගහරුවාදා (10) දින සංවිධානය කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සංජය වනසිංහ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් තුසිත සිල්වා විසින් එම තරුණ නිලධාරීන් සහ නිලධාරිණියන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
මෙම වැඩසටහන තුළදී, ස්වේච්ඡා බළකායේ මූලික ක්‍රියා පටිපාටි, අභිමානවත් ඉතිහාසය සහ දිගුකාලීන සම්ප්‍රදායන් පිළිබඳව නිලධාරීන් දැනුවත් කරන ලදී. එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක විසින් ඔවුන් වෙත සමරු තිළිණයන් ප්‍රදානය කරමින් එක්කළේය.