Header

Sri Lanka Army

Defender of the Nation

18th January 2023 18:10:47 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් එම රෙජිමේන්තුවේ ඒකකයන්හි නිල සංචාරයන් ආරම්භ කරයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වශයෙන් ධූරයේ රාජකාරි භාරගනු ලැබූ මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන එම ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසු සිය ප්‍රථම නිල සංචාරය වශයෙන් කතරගම ගෝතමීගම ප්‍රදේශයේ පිහිටි 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කඳවුර වෙත පසුගිය සෙනසුරාදා (7) දින සංචාරයක නිරත විය.

20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අජිත් තිලකසිරි විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් විසින් සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමන ලදී.

මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන විසින් 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සිදුකරනු ලැබූ පළමු නිල සංචාරය සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රය තුළ අඹ පැළයක් රෝපණය කරන ලද අතර, අනතුරුව එතුමන් වෙත එම ඒකකයේ අණදෙන නිලධාරී විසින් තම බල ප්‍රදේශයේ සිදුකරනු ලබන කාර්යභාරයන් සහ වගකීම් පිළිබඳව සවිස්තරාත්මකව දැනුවත් කරන ලදී.

අනතුරුව මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සියළු භටපිරිස් අමතමින් විනය ඉතා ඉහළ මට්ටමක පවත්වාගැනීමේ වැදගත්කම සහ වෘත්තීයමය පුහුණුව සම්බන්ධව ඇති වැදගත්කම පිළිබඳවද කරුණු අවධාරණය කරන ලද අතර, භටපිරිස් වෙනුවෙන් ලබාදී ඇති පහසුකම් ඇතුළුව කඳවුරෙහි දැනට සිදුකරමින් පවතින ඉදිකිරීම් කටයුතු සහ බලඇණියේ සැලැස්ම පිළිබඳවද නිරීක්‍ෂණය කළේය.

සංචාරය අවසානයේ විශේෂ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහනක් තැබීමට ද එතුමන් කටයුතු කළේය. මෙම සංචාරය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවිය.