Header

Sri Lanka Army

Defender of the Nation

18th January 2023 05:10:24 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, 12 වන පාබල සේනාංකයේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, මේජර් ජෙනරල් මොහාන් රත්නායක 12 වන පාබල සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත බලසේනාවන්හි සහ ඒකකයන්හි සිදුකරනු ලැබූ ප්‍රථම නිල සංචාරය ජනවාරි මස 12 සහ 13 යන දෙදින තුළ සිදු කරන ලදී.

එහිදී එතුමන් 121 වන සහ 122 වන පාබල බලසේනාවන්හීත්, 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 18 වන ගැමුණු හේවා බලකාය සහ 23 වන ගජබා රෙජිමේන්තුව යන ඒකකයන් වෙතද සංචාරය කරනු ලැබීය.

එම සංචාරයන්හිදී මේජර් ජෙනරල් මොහාන් රත්නායක වෙත සෑම බලසේනාවකම සහ ඒකකයකම යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයද එතුමන් වෙත පිරිනමනු ලැබීය.

සංචාරය අතරතුරදී බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිළධාරීන් විසින් තම ප්‍රදේශයන්හි කාර්යභාරයන් සහ වගකීම් පිළිබඳව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම දැනුවත් කරන ලද අතර, එහිදී එතුමන් කඳවුරුවල රාජකාරියෙහි නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟින් සුහද පිළිසඳරක ද නිරත විය.

නිල සංචාරය සඳහා 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මිහිඳු පෙරේරා, එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ඒකකයන්හි අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.