18th January 2023 05:13:00 Hours
යුද්ධ හමුදා පර්යේෂණ සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ පර්යේෂණ විශ්ලේෂණ යෝජනා හා සංවර්ධන අංශය මගින් සිදුකරනු ලැබූ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් නව්‍ය චින්තනය සහ නවෝත්පාදන කුසලතා වර්ධනය කරගැනීම පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ දේශන සැසියක් පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පසුගිය සිකුරාදා (13) දින පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විසින් ලබාදුන් උපදෙස් මත ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම දේශන සැසිය පවත්වන ලදී.
යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් නිළධාරීන් සහ සෙසුනිලයින් 93 දෙනෙකු මෙම සැසිවාරයට සහභාගී වූහ.
සැසියේ සමාරම්භක අවස්ථාවට යුද්ධ හමුදා පර්යේෂණ සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ තාක්‍ෂණික අංශ ප්‍රධානී කර්නල් මංජුල විජේරත්න ද සහභාගි විය.