Header

Sri Lanka Army

Defender of the Nation

18th January 2023 05:00:46 Hours

18 ගැමුණු හේවා බලකායේ භටපිරිස්හි මූලිකත්වයෙන් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙත නව නිවසක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන පාබල සේනාංක බලප්‍රදේශයේ පිහිටි 121 වන පාබල බලසේනාව යටතේ පාලනය වන 18 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස්වල තාක්ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ඇතිව බුත්තල, මාලිගාවිල ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙත නව නිවසක් ඉදිකර දෙන ලදී.

ඉකුත් සිකුරාදා (13) දින පැවැති කෙටි උත්සවයකදී නව නිවසේ යතුර නිවාසලාභියා වන එස් මාටීන් මහතා වෙත ප්‍රදානය කරනු ලැබීය.

නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් මොහාන් රත්නායක සහභාගී වූ අතර, තවද එම අවස්ථාව සඳහ 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මිහිදු පෙරේරා, 121 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක උඩෝවිට, 18 වන ගැමුණු හේවා බල ඇණියේ අණදෙන නිලධාරි ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.

නව නිවසේ ප්‍රතිලාභියා වන එස් මාර්ටින් මහතා තමන් වෙත නව නිවසක් තනාගැනීමට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය එක්රැස් කර තිබු අතර, නිවස ඉදිකර ගැනීම සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම ශක්තිය නොමැතිකම හේතුවෙන් සිය නිවස තනාගැනීමට නොහැකි බව යුද්ධ හමුදාව වෙත දැනුවත් කිරීමෙන් අනතුරුව නිවස ඉදිකිරීමට අවශ්‍ය ඉදිරි කටයුතු යුද්ධ හමුදාවේ මැදිහත්වීමෙන් සිදුකරන ලදී.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම අවස්ථාවට සපැමිණි මේජර් ජෙනරල් මොහාන් රත්නායක නිවාසලාභියා සමඟ එක්ව සුභ මොහොතින් කිරි උතුරවා පීත්ත පටිය කපා නව නිවස විවෘත කරනු ලැබීය.

121 වන පාබල බලසේනා මූලස්ථානය වෙත අවශ්‍යතාවය දැනුම් දීමෙන් අනතුරුව ක්‍රියාත්මක වූ 18 ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් සති කිහිපයක් ඇතුළත නව නිවසේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන ලදී.