Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2022 09:55:32 Hours

68 වන සේනාංකයේ 13 වැනි සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

දෙසැම්බර් මස 10 දිනට යෙදෙන පුදුකුඩිඉරුප්පුහි පිහිටි 68 වන සේනාංක මූලස්ථානයේ 13 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකක සහභාගීත්වයෙන් ක්‍රිකට්, පාපන්දු සහ වොලිබෝල් තරඟ ඉසව් කිහිපයක් පවත්වනු ලැබීය.

සංවත්සර දිනය වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා (08) දින, අනුරාධපුර මහමෙවුනා අසපුව සහ වට්ටප්පලෙයි කන්නකි අම්මාන් කෝවිලේ ආගමික වැඩසටහන් පවත්වමින් එම සේනාංකයේ සේවයේ නියුතු සාමාජිකයන් වෙත ආශිර්වාද එක්කරනු ලැබීය. අනතුරුව සංවත්සර දින 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොහාන් පොන්නම්පෙරුම වෙත එම සේනාංකයේ යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කදවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් විසින් 68 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද පුස්තකාලය විවෘත කර එය සේනාංකයේ භටපිරිස්හි ප්‍රයෝජනය සඳහා පවරා දෙනු ලැබීය. අනතුරුව, භටපිරිස් ඇමතූ සේනාංකාධිපතිතුමන් ඉන් පසුව පැවති සියළු නිල දිවාභෝජන සංග්‍රහයකට ද සහභාගී විය.