27th December 2022 09:59:31 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් පවත්වනු ලබන අන්තර් සේනාංක වොලිබෝල් තරගාවලියේ සහතිකපත් ප්‍රදානෝත්සවය දෙසැම්බර් මස 20 දින පොළොන්නරුව - ගල්ලෑල්ල ජාතික ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මින්නේරිය 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා වොලිබෝල් පිටියේදී පැවති මෙම තරඟාවලියේ මූලික වටයේ තරඟයන්හිදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, ඉදිරි නඩත්තු පෙදෙස -නැගෙනහිර, 22, 23 සහ 24 වන සේනාංක වොලිබෝල් කණ්ඩායම් තරඟවැදිණි.
අනෙකුත් කණ්ඩායම් පරාජයට පත්කරමින් තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට 22 සහ 23 වන සේනාංක වොලිබෝල් කණ්ඩායම් සමත්වූ අතර, අවසන් මහා තරඟය දෙසැම්බර් මස 20 දින පොළොන්නරුව, ගල්ලෑල්ල ජාතික ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තියුණු තරඟයකින් අනතුරුව 22 වන සේනාංක වොලිබෝල් කණ්ඩායම පරාජය කරමින් තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට 23 වන සේනාංක වොලිබෝල් කණ්ඩායම සමත්වූහ.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ගේ උපදෙස් හා 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ෂෙවාන්ත් කුලතුංග ගේ අධීක්‍ෂණය මත එම සේනාංකයේ භටපිරිස් විසින් මෙම වොලිබෝල් තරඟාවලිය සංවිධානය කරන ලදී.
මෙම සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ෂෙවාන්ත් කුලතුංග සහභාගී වූ අතර බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, සෙසුනිලයන් සහ තවත් ආරාධිතයින් රැසක් සහභාගි වූහ.
තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ තරඟකරුවන් පහතින් දැක්වේ:
හොඳම පහර වලකන්නා – 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බොම්බොඩියර් ඩී.එම්.පී.වී. දසනායක - 22 වන සේනාංකය
හොඳම ප්‍රහාරකයා – 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බොම්බොඩියර් අයි.ඩබ්ලිව්.එස්.ටී.ඉලුක්අත්ත - 23 වන සේනාංකය
හොඳම පන්දු සකසන්සා – 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බොම්බොඩියර් එල්.ඒ.එස්.ඩී. නවුරුන්න - 23 වන සේනාංකය