26th December 2022 13:00:31 Hours
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවති තරුණ නිලධාරී පාඨමාලා අංක 67- B හි සමාප්ති උත්සවය පසුගිය සෙනසුරාදා (24) දින එම පුහුණු පාසලේදී පැවති අතර, එම අවස්ථාව සඳහා එම පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි සහභාගී විය.
නොවැම්බර් මස 01 දින ආරම්භ කරනු ලැබූ මෙම පාඨමාලාව දින 45ක් පුරාවට පැවති අතර එහිදී, කැලෑ සටන් පුහුණුව කෙරෙහි වැඩි අවධානය යොමුකරමින් දේශන සහ ප්‍රායෝගික සැසිවාරයන් ද පැවැත්විණි. මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක විසින් උත්සවයේ සමාප්ති දේශනය පවත්වමින් එම තරුණ නිලධාරීන් ලැබූ ජයග්‍රහණ පිළිබඳව සිය සුභාශිංෂනයන් එක් කළේය. ශිෂ්‍ය නිලධාරීන් 73 දෙනෙකු විසින් හදාරනු ලැබූ මෙම පාඨමාලාවේ දක්ෂතා ශිෂ්‍ය තරුණ නිලධාරී ලෙස විජයභාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් එල්.ටී.ඩබ්ලිව්.ජී වික්‍රමාරච්චි ඇගයීමකට ලක් විය.