26th December 2022 13:20:31 Hours
651 බලසේනාවේ භටපිරිස් විසින් වෙල්ලන්කුලම් ප්‍රදේශයේ කනේෂපුරම් ප්‍රාථමික විද්‍යාලයේපාසලේ ඉදිරි සංවර්ධනය කටයුතු සඳහා ආදායම් මාර්ගයක් උපයාදීමේ අරමුණින් පසුගිය අඟහරුවාදා (20) දින එම පාසල් පරිශ්‍රයේ දෙමුහුන් කජු පැළ 100 ක් රෝපණය කරන ලදී.
65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ ගේ උපදෙස් මත 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත බණ්ඩාර විසින් ශ්‍රී ලංකා කජු සංස්ථාවේ කිලිනොච්චි දිස්ත්‍රික් කොට්ඨාශ කළමනාකාර ආර් සංජීවන් මහතාගේ සහයෝගය ඇතිව මෙම කජු වගාකිරීමේ ව්‍යාපෘතිය සිදුකරනු ලැබීය.
17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඒ.ඒ.එන්.බී අතුරුගිරිය ගේ උපදෙස් මත එම ඒකකයේ භටපිරිස් විසින් පාසල් බලධාරීන්ගේ සහය ඇතිව පැළ සිටුවීමේ වැඩසටහන අධීක්‍ෂණය කරන ලදී.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගී වූ මෙම දෙමුහුන් කජු පැළ සිටුවීමේ උත්සව අවස්ථාව සඳහා 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර් සංජීවන්, කනේෂපුරම් ප්‍රාථමික විදුහල්පති, පාසල් කාර්ය මණ්ඩලය, යුද්ධ හමුදා භටපිරිස්, දෙමාපියන් සහ පාසල් සිසුසිසුවියන් සහභාගී වූහ.