26th December 2022 13:10:31 Hours
1 වන බලකායේ නව බලකාධිපති ලෙස ශ්‍රී ලංකා විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් නිශාන්ත මානගේ පසුගිය සිකුරාදා (23) දින එම මුලස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත්වලට අනුකූලව හමුදා සම්ප්‍රදායානුකූලව සිය රාජකාරි කටයුතු භාරගත්තේය.
නව ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා 1 වන බලකා කදවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් නිශාන්ත මානගේ වෙත එම බලකායේ යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කදවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව 1 වන බලකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් වසන්ත ලියනවඩුගේ එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා සරඹ භූමිය වෙත කැටුව යන ලදී.
මහා සංඝරත්නයේ සෙත් පිරිස් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විසින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් 1 වන බලකායේ නව බලකාධිපති ලෙස නව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදි.
නව සේනාංකාධිපතිතුමන් 1 වන බලකායේ මාණ්ඩලික නිලධාරීන් සමගින් සමූහ ඡායාරූපයකටද පෙනී සිටි අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් අමතමින් බලකායේ අනාගත අභිවෘද්ධිය උදෙසා තම ඉදිරි දැක්ම සහ මෙහෙවර පැහැදිලි කරනු ලැබීය. ඉන් අනතුරුව එදින උත්සවයේ වැඩකටයුතු සමාප්තියට පත් කරමින් මේජර් ජෙනරල් නිශාන්ත මානගේ කොනොනි සමාජ ශාලාවේ පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී විය.
මෙම නව පත්වීමට පෙර මේජර් ජෙනරල් නිශාන්ත මානගේ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ධූරයේ වැඩ කටයුතු සිදුකරනු ලැබීය.